මඟ අයිනේ සීතලට ගුලි වුණු පුංචි බලු පැටියාට වෙතට යන පුංචි දියණියක්, දියණියගේ සෙනෙහෙ දුටු පුංචි බලු පැටියෙක්..... බලු පැටියා :- මං හීතලේ තනි වීලා මඟ අයිනේ ඉන්නා සැටි බලා යන අය කොතෙක් ඇතේ කරුණාබර සිතක් පෙන්වා පා සෙනෙහේ ළං වී මගේ අත අල්ලන කෙනෙක් නැතේ පුංචිකමට නුබ එනවිට මා වෙතට අම්මා එපා කියනා හඬ ඇසුණි මට ඒකයි ඉන්නේ නොදුටුව ලෙස පසෙකටව නැතිනම් හිතයි අත ඉඹලා බලන්නට දියණිය :- මඟ අයිනේ නුබ ඉන්නා සැටි දුටුව මං යන්නේ කොහොමද නොදුටුව ...
Posts
අප්පච්චිගෙ පැතුම
- Get link
- X
- Other Apps
වෙල් යාය රැක ගන්න හාමිනේ පැල් කොටේ රෑ ගත කරේ කාටවත් නොකියා මගේ දුක ඒ කාලේ මම ගත කරේ හාමිනේ උබෙ තුරුලෙ නිදියන කෙල්ල ගැනමයි හිත මගේ ඒකි දවසක ලෝකේ දිනනා හැටි බලන්නයි වෙහෙසුනේ..... ලාම්පුව පෙරලෙන්නෙ නැතුවම පොත ළඟම එළි දැල් වුණේ උබත් ඒකිට මහ රෑට තේ කහට වක්කර ළං කරේ උසස් විදිහට සමත් වුණ මගෙ කෙල්ල සරසවියට ගියේ මගේ ඇස් වල කදුලු ආවා උබත් දැක්කනෙ හාමිනේ..... නිවාඩුවකට ගෙදර එන්නෙත් ඒකී වෙහෙසිලා හාමතේ අල බතල තම්බලා දීපන් තියෙයි නම් ඔය වැට කොනේ මං කරන්නම් කියයි ඕකිට බලන් ඉන්නත් බෑ අනේ ගෙදර වැඩ ටික උබම කරපන් පව්නෙ බං පොඩි එකී අපේ..... කරන දේවල් ඒකී කිවුවට නෑනේ බං මට තේරුණේ හිනාවීගෙන කතා ඇහුවේ උජාරුව බලමින් ඇගේ ඒකී එක්කලා හැඩට පලයං කලු ලෝගු පොරවන දිනේ මගේ ලෙඩ ඇඳ ළඟට ඇවිදින් පෙන්නපන් හැඩ ඒකිගේ..... ***දුලී ♥️
ඇය මාතාව
- Get link
- X
- Other Apps
************************************** ඇය මාතාව ************************************** මගෙ මැණික.....නැගිටින්න පුතේ.....අම්මිට පරක්කු වෙනවනේ....ඔහොම හිටියොත් ඔයාටත් අද ස්කූල් යන්න වෙන්නේ නෑ..... මං පුංචි කාලේ ඉදලා ම ඉස්කෝලේ ගියෙ ස්කූල් වෑන් එකේ.වෙලාවට සල්ලි දෙන්න බැරි වුනත් අංකල් මොකුත්ම අම්මට කිවුවේ නෑ.ඒ මගේ අම්මාට තියෙන ලස්සන පෙනුම නිසාද නැත්තම් තාත්තා කියලා කෙනෙක් මං දැකලා නැති තරම් අපිට තිබ්බ අසරණකම නිසාද කියන්න එදා මම දැනගෙන හිටියේ නෑ. ඕකිගේ අම්මා හොද එකියක් නෙමෙයි..... මං පාරෙ යනකොට කතා වෙච්ච වචන ඇහෙන්න ගත්තට පස්සේ මට හිතුනා අම්මගෙ රූපෙ නිසා අපිට ගොඩක් දේවල් ලැබුණා කියලා. ...
මල් කෙල්ලේ
- Get link
- X
- Other Apps
මල් කෙල්ලේ වැවේ ගොහින් මල් නෙලා ගොඩවෙනා සියපත මෙන් රූ සපුව දිලෙන්නා මේ හැටි කලබල කිම බස් නො අසා නුබ ලැසි ගමනින් යන්නේ කොහිදා..... පන්සල අයිනේ පුංචි කඩපොලේ අපෙන් ගන්න මල් කියා පැවසුවේ නුබෙන් මලක් අරගන්නට සිතුනේ බුදුන් මලින් පුද දෙන්නට ම නොවේ..... මල් ගන්නට එන සැදැහැවතුන්ලා නෙත නුබ වටයේ කරකනු දුටුවා බුදු බණ උන් හට අමතක වීලා නුබෙ අත අල්ලනු හොරැහින් දුටුවා..... නුබ අසරණ නෙත උන් වෙත පානා දැක මා හද සෝ හැඟුමන් පිරුණා හිනැහී හැම දුක් දරා ඉවසනා දුගී ලඳකි නුබ කුමක් කරන්නා..... ***දුලී ♥️
නොදුටු දුක
- Get link
- X
- Other Apps
********************* නොදුටු දුක ********************* ජීවිතේ මෙතනට ගෙනත් අතෑරලා ගියේ මඟහැරුණු ඇමතුමක්...... දවසක් දෙකක් නෑ දවස් ගානක්.එකම නම්බර් එකෙන් මේ තරම් කෝල් එද්දී මට හිතුනා මේ මං අඳුරන කෙනෙක් කියලා.කෝකටත් ගත්තේ හිතේ සැකෙන්. හෙලෝ....කවුද මේ.... කොල්ලෙක් මගෙන් එහෙම ඇහුවා. මං කව්ද නෙමෙයි ඔයා කව්ද කියන්න.මට දවස් ගානක් කෝල් ඇවිත් තිබ්බා මේ නම්බර් එකෙන්.... අනේ මං මේ දවස් ගානක ඉදලා මගේ නෑදෑ කෙනෙක්ට කෝල් ගන්නවා.එයාව මං දන්නෙ නෑ ඒත්.නම්බර් එක හොයගත්ත එකක්....සොරි මං එයා කියලා ඔයාට තමා ගන්න ඇත්තේ.... ඔය ටික තමා මුලින්ම මාත් එක්ක එයා කතා කලේ..... ඉතින් නංගී කොහොමද ඔයා මේ තරම් දුරක් ආවේ......
මගේ දුව
- Get link
- X
- Other Apps
පාන්දර නැගිටලා නෑ මිදුල අතුගාලා හීනියට එලි වැටුණු වෙලාවට ඇහැරලා කාගෙවත් වැඩ කලේ නෑ ඒකී කැපවෙලා ඒත් කිසි දිනක නෑ දොසක් මට ගෙනල්ලා.... මං නැතුව තනි වෙච්ච වෙලාවට දුක දරා ඒකි කාටත් වඩා කැපවෙලා වැඩ කලා ගෙදර කාටත් වඩා සෙනෙහෙ මට පෙන්වලා උන්නු කෙල්ලයි මගේ යන්නෙ නුබෙ පුතු පතා.... අක්කලගෙ අයියාගෙ ජීවිත ම දැකලා එවුන්ටත් වඩා ඇත හිත හයිය පිරිලා ටිකක් සද්දෙට ඇහෙයි කට වැඩියි කියලා මාත් කියලා තියෙයි ඒත් හිත නිවිලා..... දුකක් දෙන්නට එපා ඒකි දුක් වින්දා ඇහැක් හැටියට ඒකී කාටත් බලන්නා උබේ පුතුටත් අම්මා වගේ දුක බලනා මගේ කෙල්ලට අම්ම වෙයන් ළඟ රැදෙනා..... ***දුලී ♥️
අවනඩුව
- Get link
- X
- Other Apps
************************************* අවනඩුව ************************************* උදේ පාන්දර ම වලව්ට යන අම්මා හැන්දෑවේ හය හත වෙනකල් අපේ මේ පැල් කොටේට ගොඩවෙන්නේ නෑ.උන්දැගෙ කර පිටට පැටවිලා තියෙන්නේ දරුවන් තුන්දෙනෙකුගේ බරය.එය සිතනා තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ.අපි තුන් දෙනාට උගන්වන්න අම්මා නොයෙක් දුක් ගැහැට විඳිමින් සිටිනයුරු මා හට බලා සිටීමට නොහැකි තැන මා පාසල් යාම අතැර දමන්නට තීරණය කළා.හවසට කෙඳිරිගාමින් නිදාගන්න තරම් වෙහෙසෙන්නට ඇයට සිදු වූයේ අප්පච්චි පොල් ගසෙන් වැටී ඔත්පල වීමෙන් අනතුරුවය.අම්මා එතෙක් කලේ පොල් ලෙලි තැලීමය.එහි වැඩ කිරීමෙන් ලද සොච්චම අප්පච්චී ඔත්පල වීමත් සමඟ ප්‍රමාණවත් නොවීම නිසා වලව්වේ හාමුගේ කැමැත්ත පරිදි අම්මා එහි වැඩට ගොස් දැන් මාස කීපයක් ගතවිය. අනේ කෙල්ලේ ඔන්න ඔය කහට ඩිංගක් වක්කරාපන්කෝ..... හැමදා හවස් වරුවේ ගෙට ගොඩවෙමින් අම්මා කීවේ ඒ ටිකය. ...
නොනිමි පහන්
- Get link
- X
- Other Apps
*************************************** නොනිමි පහන් **************************************** මහත්තයෝ.....නැගිටින්න... මං කිරි කෝප්පය මේසේ උඩින් තියමින් එයාට කතා කළා.ජනේලය තුළින් වැටෙන හිරු කිරණ ඔහුගේ මුහුණටද වැටී අමාරුවෙන් ඇස් අරින විට මං හැමදාම හිනාවුණා. අනේ ළඟට එන්නකෝ...අපි තව ටිකක් නිදාගමු.... නිවාඩු දවසට ඔහු හැමදාම කියන්නේ මේ වචන ටිකම ය.මා ද පුරුද්දට මෙන් උදෑසන අවදි වුවත් ඔහුගේ වදනට කීකරු වෙමින් තුරුල් වී නිදන්නට ඇත්තේ පුදුමාකාර ආසාවකි.මේ ඉන්නේ මගේ හිරු ය.ලෝකයට ආලෝකය ගෙන සියල්ල පන ගන්වන්නේ හිරුය.ඉතින් මගේ ජීවිතයටද ආලෝකය ගෙන ආ හිරු මොහුය.අප විවාහ වී දැනට වසරකට ආසන්නය.තවමත් මා ප්‍රේමය තුළින් දුටු ඔහු ම පවුල් ජීවිතය තුල ද ජීවත් වීම සතුටට කරුණකි.මා විඳි වේදනාකාරී ජීවිතයේ ගැලවුම්කරු ඔහුය.එය මා කියන්නේ ...
කටු පදුරෙ පිපි කුසුම 🌵🌸
- Get link
- X
- Other Apps
කටු පදුරෙ පිපි කුසුම ♥️ *************************** ***************** ********* එදා කුරුල්ලන් කිචි බිචි ගා අවටින් හිරු එළිය විහිදෙන අපූරුව මා විඳි උදෑසනක් නම් නොවේ.ඒ වෙසක් පොහෝ දිනට පසුවදා උදෑසනක් බව මා සිත රැදී ඇත්තේ පොහෝ දා රාත්‍රියේ පැවති පෙරහරක පාසල් නර්තන කණ්ඩායමේ වූ මම ද ඇතුළුව කලගෙඩි නර්තනයේ යෙදී විඩා නිවන්නට දහවල් වනතුරු මා නිදාගත් දිනයක් බැවිනි. "සුදූ,නැගිටපන්...." ඒ අම්මාගේ හඩයි.මට උඩ විසි වී ඇහැරිණ. "රුවිනි වහ බීලලු..." ඉන් පසුව අම්මා කී වදන් සමඟම මා ඇදේ ඉදගත්තා. "දෙයියනේ මොකුත් වෙලා නෑ නේද?" මං ඉන් පසුව ඇසූ පැනයට ඇය මඳක් සිහින් ස්වරයෙන්, "ඒ කෙල්ල නැති වෙලා පුතේ...." කී විගසම මා සිතට වේදනාව මුසු වූ කෝපයක් හට ගැණිනි.මෙය සිදුව ඇත්තේ මගෙ වයසේම මාත් සමඟ...
දුලීගේ කතාව ♥️
- Get link
- X
- Other Apps
දුලීගේ කතාව.... ******************************************* ****************************** ******************* මට ඇමතුමක්, ඒ වෙන කවුරුත් නෙමෙයි.මගෙ පොඩි චයිනීස් ෆෝන් එකට එයාගෙන් විතරයි ඇමතුම් එන්නෙ. හෙලෝ....මං කිවුවා විතරයි.එතකොටම එයා කියන්න ගත්ත වචන ටික මං බලාපොරොත්තු වුනේ නෑ කවදාවත්. "මගෙ නංගියෝ ඔයාට කැම්පස් යන්න පුලුවන්.ඔයා දිස්ත්‍රික්කයේ පනස් පස් වෙනියා.මට හරිම සතුටුයි." මට කිසිවක් කියාගත නොහැකි වුණා.ඇස්වලින් කදුලු කැට වැටෙන්න පටන් ගත්තා.ඒ වෙලාවෙ ඒ තරම් කදුලු ආවෙ සතුටටද නැත්නම් මං ඒ වනතුරු ගත කරපු කාලය ගැන මට ඇති වුණු වේදනාව දරාගන්න බැරිකම නිසාවෙන්ද කියන්න මං අදටත් දන්නෙ නෑ.ඒ පණිවිඩය මට දැනුම් දුන් ඔහු අද වන විට මා අමතක කර දමා ඇති පෙම්වතෙකි.මා බොළඳ ප්‍රේමයන් සමඟ කල් ගෙවන්නට ඇත්තේ ජීවිතයේ නෙකවිද වූ දුක් ගැහැට බෙදා ගැනීමට මා හට කිසිවෙකු අවැසි වූ නිසාවෙන් බව මා අදටත් තදින්ම විස්ව...