දුලීගේ කතාව ♥️
දුලීගේ කතාව....
*******************************************
******************************
*******************
මට ඇමතුමක්, ඒ වෙන කවුරුත් නෙමෙයි.මගෙ පොඩි චයිනීස් ෆෝන් එකට එයාගෙන් විතරයි ඇමතුම් එන්නෙ.
හෙලෝ....මං කිවුවා විතරයි.එතකොටම එයා කියන්න ගත්ත වචන ටික මං බලාපොරොත්තු වුනේ නෑ කවදාවත්.
"මගෙ නංගියෝ ඔයාට කැම්පස් යන්න පුලුවන්.ඔයා දිස්ත්‍රික්කයේ පනස් පස් වෙනියා.මට හරිම සතුටුයි."
මට කිසිවක් කියාගත නොහැකි වුණා.ඇස්වලින් කදුලු කැට වැටෙන්න පටන් ගත්තා.ඒ වෙලාවෙ ඒ තරම් කදුලු ආවෙ සතුටටද නැත්නම් මං ඒ වනතුරු ගත කරපු කාලය ගැන මට ඇති වුණු වේදනාව දරාගන්න බැරිකම නිසාවෙන්ද කියන්න මං අදටත් දන්නෙ නෑ.ඒ පණිවිඩය මට දැනුම් දුන් ඔහු අද වන විට මා අමතක කර දමා ඇති පෙම්වතෙකි.මා බොළඳ ප්‍රේමයන් සමඟ කල් ගෙවන්නට ඇත්තේ ජීවිතයේ නෙකවිද වූ දුක් ගැහැට බෙදා ගැනීමට මා හට කිසිවෙකු අවැසි වූ නිසාවෙන් බව මා අදටත් තදින්ම විස්වාස කරන්නකි.
මගෙ ඇස් ඉදිරිපිට ඒ ඇමතුමේ වගතුග බලන්න ඇවිත් හිටියෙ මගේ අයියා කියන තනතුරේ ඉන්න පුද්ගලයාගෙ බිරිඳය.ඇය ඇස් විශාල කරගෙන මගෙ ප්‍රතිඵලය අසා සිටීමද මගේ හිතේ ඒ තරම් වේදනාවක් උපදින්න හේතුවක් වෙන්න ඇති.මගෙ අතේ ඒ වෙලාවෙ හිටියෙ පුංචි ළමයෙක්.මට ඒ දරුවව වඩාගෙන ඉන්න වාරු නැතුව ගියා.ඒ වෙන කාගෙවත් ළමයෙක් නෙමෙයි.මගෙම සහෝදරියගෙ දෙවෙනි ළමයා.මං විභාගය ඉවර කරලා ගෙදර ඉදපු ඒ කාලය තුළ මං අම්ම කෙනෙක් පොඩි දරුවෙක් හදාගන්න විඳින දුක අත්දැකීමෙන් වින්දා.
කොහොම වුනත් මං විභාගය සමත් වීම පිළිබඳව මගෙ අම්මගෙත් තාත්තාගෙත් සිත් තුළ උපන්නේ ආඩම්බරකාර හැඟීමක් බව දින කීපයක් පුරාවටම මා අත්වින්දා.
" උබට ඕක කරගන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියා."
මං සාමාන්‍ය පෙළ සමත් වුණ ඒ දවසෙත් අම්මා මට කිවුවෙ අද කිවුව කතාවම තමා.
මං පහුවදා උදේ ලෑස්ති වුනේ,මගෙ ප්‍රතිඵල කියන්න මට උගන්වපු ගුරුවරු මුණගැහෙන්න යන්න.
"මේකප් එකක් එහෙම දාගෙන හැඩ වෙන්නෙ නේද?"
උඩු කය විතරක් පේන්න තියෙන කණ්නාඩිය ඉදිරිපිට මුහුණෙ ක්‍රීම් ටිකක් උලන මං දිහා දොර රෙද්ද ඈත් කරමින් ඇහුවෙ මට මොකුත් නොකියා ඉන්න ඔහුගේ සිත ඉඩ නොදෙන නිසාවෙනි.ඒ වෙන කවුරුත් නොවේ.මා මෙන්ම මගේ අම්මාගේ කුසින් මෙලොව එළිය දුටු මගේ කියන්නට සිත් නොදෙන මට සිටින එකම සහෝදරයාය.
ඒ වචන මා හුරුව සිටින්නේ අද ඊයේ සිට නොවුනද මා හදවත පසාරු කළ හැකි තරමේ තියුණු බවක් සැමදා ඒ වදන්වල තිබුණි.මට ඇස් ඇතුළට අත ඔබා ඒ කදුලු වැටෙන තැන වසා දමා කදුලු නවතන්නට හැකිනම්...මා මුලින්ම කරන්නේ එයයි.එසේ කදුලු නැගෙන විට මට සිහියට ආවේ කිසිවක් නොව.මා ඉදිරිපිට මගෙ රුව මට පෙන්වන ඒ කණ්නාඩිය ගත්තේද මා එකතු කළ මුදලකින් බව ය.කණ්නාඩි මේසක් නැති මට මොන මේකප් ද?.
මං බස් රථයේ බොහෝ දුර ගොස් මා අධ්‍යාපනය ලැබීමට ගිය බාහිර පන්තියේ ගුරුතුමිය හමු විය.භූගෝල විද්‍යා විෂය අලුතින්ම උසස් පෙළට හැදෑරුවද මට ඒ සාමාර්ථයක් ලැබී ඇත.එහි ගෞරවය හිමිවිය යුත්තේ ඇයටය.අදටත් මා සමඟ ඉතා සුහද ඇය සැබැවින්ම ගුරු මාතාවකි.ඇය හමු වී ඉදිරියට කළ යුත්තේ කුමක්දැයි කතිකා කොට මා නැවත නිවස බලා ඒමට බස් රථයට ගොඩ විය.
"උබ මරු පොරක් නේද.හීනියට ගේම ගැහුවා කොහොමහරි."
එසේ කියමින් කතාව ඇරඹුවේ මා සමඟම විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටි අයෙකි.ඇත්තෙන් ම දැන් ඇය මෙලෙස කතා කලත් මට ඒ දිනවල යහළුවන් සිටියේ නැත.සිටියේ ඇති තැන සිනාසී නැති තැන මට සිනාසෙන උන් වේ.ළඟින්ම සිටි යාළුවා මගේ පාසල් ප්‍රේමවන්තයා සමඟ හොර රහසේ හාදකම් පවත්වා තිබූ බව මා දැනගත් දා පටන් මට යහළුවන් පිළිබඳ විස්වාසය සිතට ඇති වූයේම නැත.ඒ ගැන වැඩිදුර සිහි කිරීමට මා තුළ කැමැත්තක් දැන් නැත.ඉතා දුෂ්කරව දැඩි වේදනාවෙන් යුක්තව මා ඒ පෙම්වතා අමතක කර දමා අධ්‍යාපනය කෙරෙහි යොමු විය.
"ඒකිට වඩා ඉහළින් උබ පාස් වුණ එක පට්ට.මට පාස් වෙන්න බැරි වුනත් උබ ගැන හිතද්දී සතුටුයි බං."
ඒ බව දැනගෙන සිටි මගෙ පාසල් මිතුරියක් ඒ ආසන්නයේ වූ දිනකදී මා මුණගැසුණු විට මට කී වදන තාමත් සිත තුළ පවතිනවා ඇත.මා මිතුරන් යැයි සිතූ උන් දිනක මිතුරන් නොවූ බවත් මා ළඟම නොසිටි ඉදහිට කතාබහ කළ උන් අතර මා කෙරෙහි අව්‍යාජ මිතුදමක් තිබූ බවත් මා එදින වඩාත් පසක් කර ගතිමි.ඇයට මගෙ පොත්පත් කීපයක් ලබා දෙමින් නැවත විභාගයට පෙනී සිටීමට මා කළ උපකාරය ඇයට ප්‍රයෝජනවත් වන්නට ඇතැයි සිතමි.
මම කොයිතරම් හොඳින් විභාග සමත් වුවද මට විශේෂයෙන් යමක් දෙමාපියන්ගෙන් ලැබුනේ නැත.එයට හේතුව මගේ පියා දුප්පත් ගොවියෙකු වීමද එසේත් නැතිනම් මා කුඩා කල සිට එවැනි දේ ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවූ බව ඔවුන් දන්නා නිසාවෙන්දැයි මා නොදනිමි.උපන් දිනයකට විශේෂයෙන් කිරිබතක් හෝ උයා දීමේ පුරුද්දක් ඔවුන් සතු නොවූයෙන් අමුතු සැලකිලි කවදත් මා බලාපොරොත්තු නොවීය.කෙසේ වෙතත් මෙතරම් ඉහළට අධ්‍යාපනය ලැබීමට මට වූ ලොකුම ශක්තිය වූයේ මගෙ පියාණන් ය.
"උබ එක එක දවසට එක එක කොල්ලොත් එක්ක බස් හෝල්ට් එක ළඟ ඉන්නවා කියලා මං දන්න එකෙක් මට කිව්වේ."
" තාත්තෙ,මේකිට පන්ති යන්න දෙන සල්ලි අපරාදෙ."
"කෙල්ලෙක් වුණාම සාමාන්‍ය පෙළට විතරක් ඉගෙන ගත්තම ඇති."
මේ මගෙ හිතේ සදාකල් රැව් පිළිරැව් දෙන වදන් මාලාවකි.මේවා සිතින් කොතරම් ඉවත් කරන්නට මා වෙර දැරුවද අදටත් මා දෙස බලා මගෙ යහපත උදෙසා වචනයක් කතා නොකරන මගෙ සොහොයුරා ඒ දිනවල මා හට දැක්වූ ඒ කුරිරු සිත අමතකව නොයයි.මෙවැනි වදන්වලට එරෙහිව මා නැගී සිටි අවස්ථාද ඇත.එවැනි මොහොතේ මා ගත රිදුම් කන පහරවල් මට මතකය.මේ වදන් කෙරෙහි කිසිවක් මව පියා කතා නොකොට සිටියේ මා පිළිබඳ ආදරයක් ඔවුන් සිත නොතිබුණ නිසාවෙන් නොව.ඔහු සමඟ කිසිවක් කතාබහ කොට ඵලක් නොමැති බව දරුවන්ට කඹුරා වයසට ගිය ඔවුන් දන්නා නිසාවෙනි.
මා පාඩම් කරමින් සිටින අතරතුර ඔහු මහ සද්දෙන් රේඩියෝව ක්‍රියාත්මක කළ දින වැඩිවනවාත් සමඟම මා මගෙ වැඩිමල් සොයුරියගේ නිවසේ නතර වීමට පොත්පත් රැගෙන එහි ගියහ.නමුත් මා යන්නේ ඔහු සමඟ කිසිදු වාදයකින් තොරවය.ඒ ඔහු එය සිතාමතා කළ යමක් දැයි මා හරිහැටි නොදන්නා නිසාවෙනි.නමුත් මෑතකදී මා විශ්වවිද්‍යාලයේ පවතින එක් විභාගයක් උදෙසා අක්කාගේ නිවසේ මිදුලට වී පොතක් බලමින් සිටි අවස්ථාවක අල්ලපු නිවෙස් හිමියා මඳක් මා සිටි ඉසව්වට ඇසෙන්නට දමා තිබූ ගීතය මට කරදරයක් දැයි එහි සිට විමසූ විට මගේ සහෝදරයා මට සිහි විය.
මේ තරම් මා කෙරෙහි කෝපයක් මුසු වූ සිතක් ඔහුට පහල වී ඇත්තේ කුමන හේතුවක් නිසාවෙන් දැයි කීමට තරම් තවමත් මා උගෙන ඇති දැනුම ප්‍රමාණවත් නොවේ යැයි මා සිතමි.නිවසේ ගත කළ අඳුරු කාල වකවානු පසු කර මා සරසවිය වෙත පියනැඟුවේ මගේ අනාගත සිහිනද මා මෙතෙක් තනිවම ජය ගත් සවියද සිත ඇතිවය.මා අදටත් නිවාඩුවට එන්නේ ඒ නිවසට නොව මගෙ සහෝදරියගේ නිවසටය.
***දුලී ♥️
Lassanai baba ❤
ReplyDelete♥♥♥♥♥
DeleteNiyamai duliii💖
ReplyDelete💪♥
DeleteLassanai godaaaak.digatama liyanda manika ❤️❤️❤️❤️
ReplyDeletethanks ♥♥♥
DeleteWow duli lassani
ReplyDelete♥♥♥♥
DeleteLassanai. Duka hithenawa kathawata
ReplyDeleteගොඩක් ලස්සනයි කතාව.දිගටම ලියන්න.සුබ පැතුම් ❤️
ReplyDeleteතෑන්ක්ස් ඔයාලට ♥️
ReplyDelete✍️✍️good.❤️
ReplyDeleteLassanai duliyo❤️❤️ duka hithuna ekatanan
ReplyDeleteලස්සනයි 💜️❤️💛🧡
ReplyDeleteNiyamai❤
ReplyDeleteDigatama liyanna.. lassanai kathawa❤❤
ReplyDelete😘😘😘
Delete