මඟ අයිනේ සීතලට ගුලි වුණු පුංචි බලු පැටියාට වෙතට යන පුංචි දියණියක්, දියණියගේ සෙනෙහෙ දුටු පුංචි බලු පැටියෙක්.....
බලු පැටියා :-
මං හීතලේ තනි වීලා මඟ අයිනේ
ඉන්නා සැටි බලා යන අය කොතෙක් ඇතේ
කරුණාබර සිතක් පෙන්වා පා සෙනෙහේ
ළං වී මගේ අත අල්ලන කෙනෙක් නැතේ
පුංචිකමට නුබ එනවිට මා වෙතට
අම්මා එපා කියනා හඬ ඇසුණි මට
ඒකයි ඉන්නේ නොදුටුව ලෙස පසෙකටව
නැතිනම් හිතයි අත ඉඹලා බලන්නට
දියණිය :-
මඟ අයිනේ නුබ ඉන්නා සැටි දුටුව
මං යන්නේ කොහොමද නොදුටුව විලස
මගෙ වයසේ ලෙස පෙනෙනා නුබ වෙතට
ඒකයි ළං වුණේ ඩිංගක් බලන්නට
අම්මා එපා කියනා හඬ ඇසුනාට
උබෙ ඇස රැඳි ඒ අවිහිංසක බැල්ම
මඟහැරලා යන්නට සිත නොදෙන සද
තව ඩිංගක් අත අල්ලා බලන්නද
***දුලී ♥️
Lassanai baba ❤️😍
ReplyDeleteThanks ♥😘
Deleteඑ වචන දැනෙනවා පබා... ලස්සනයි..
ReplyDeleteThanks manika ♥😘
Delete