අවනඩුව
*************************************
අවනඩුව
*************************************
උදේ පාන්දර ම වලව්ට යන අම්මා හැන්දෑවේ හය හත වෙනකල් අපේ මේ පැල් කොටේට ගොඩවෙන්නේ නෑ.උන්දැගෙ කර පිටට පැටවිලා තියෙන්නේ දරුවන් තුන්දෙනෙකුගේ බරය.එය සිතනා තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ.අපි තුන් දෙනාට උගන්වන්න අම්මා නොයෙක් දුක් ගැහැට විඳිමින් සිටිනයුරු මා හට බලා සිටීමට නොහැකි තැන මා පාසල් යාම අතැර දමන්නට තීරණය කළා.හවසට කෙඳිරිගාමින් නිදාගන්න තරම් වෙහෙසෙන්නට ඇයට සිදු වූයේ අප්පච්චි පොල් ගසෙන් වැටී ඔත්පල වීමෙන් අනතුරුවය.අම්මා එතෙක් කලේ පොල් ලෙලි තැලීමය.එහි වැඩ කිරීමෙන් ලද සොච්චම අප්පච්චී ඔත්පල වීමත් සමඟ ප්‍රමාණවත් නොවීම නිසා වලව්වේ හාමුගේ කැමැත්ත පරිදි අම්මා එහි වැඩට ගොස් දැන් මාස කීපයක් ගතවිය.
අනේ කෙල්ලේ ඔන්න ඔය කහට ඩිංගක් වක්කරාපන්කෝ.....
හැමදා හවස් වරුවේ ගෙට ගොඩවෙමින් අම්මා කීවේ ඒ ටිකය.
ගඩොල් කැබලි ගොඩගසා මදි අඩුපාඩුවට පොල්ලතුවලින් වටකර ඇති කුස්සි කෑල්ලට රිංගා ගත් පසු මා එලිපත්තට ගොඩවදින්නේ බොහෝ වේලාවකට පසුය.රාත්‍රී කෑමට කුමක් හෝ ඩිංගක් රත් කර ගන්නට කුස්සියේ දල්වන කුප්පි ලාම්පු එළිය කණාමැදිරි එළියකට සමය.
අප්පච්චිට කන්න දුන්නා අම්මේ....අම්මත් ඩිංගක් කෑවනම්.....
කියමින් මා නංගීටත් මල්ලීටත් බත් කවමින් මාද කන්නට විය.
අක්කේ....ඔය වතුර කෝප්පේ දියන්...
ලුණුමිරිසට ඉණූ කදුලු පිසමින් නංගී දෙඩෙව්වාය.
මටනම් ඒ හැටි සැරක් නැතුවා.....
මල්ලී ඔච්චම් කලේය.
හා හා ඔය මට උබලට කන්න තියෙන දේ තමා..ඔයිට එහා බතක් මාලුවක් කන්නවත් පුලුවන් වෙන්න තමා මං උබලට හොදට ඉගෙනගනිල්ලා කියන්නේ.....
අම්මාගේ වේදනා පිරි වදන් මට ඇහෙන නෑහෙන ගානට විය.ඉදිරියට අම්මා කීමට යන්නේ මාද කාලකණ්ණි වූ බවය.නමුත් අප්පච්චී බලකියාගන්නටත් නංගීත් මල්ලීත් ගැන බලන්නටත් කෙනෙකු අවැසි බව වැටහීම නිසා මා මෙසේ පාසල් ගමන නිමා කලේ දුකක් සිතේ තිබුණත් මට පවුලේ උන් කවදත් ලොකු වූ නිසාය.
කුසුමේ......කුසුමේ.....
කියා අම්මා ඔය හඩගසන්නේ මටය.
ඕ.....මේ එනවා.ඩිංගක් ඉන්න.බතල අල තැම්බිලා.ඒක ලිපෙන් බාලා හනික එනවා....
අම්මා ළිඳ ළඟ වැටී කෑ මොර දුන් බවක් මා දැන සිටියේ නැත.
අනේ කෙල්ලේ මගේ කොන්ද කෙලින් කරගන්න බෑ.අල්ලහන් මාව නැගිටගන්න....
අම්මාද ඔත්පල වී කර කියා ගත හැක්කක් නොමැති වේදෝයි මගේ හිතේ බියක් උපදින්නට වූයේ සවස් වනතුරු ම කරන ලද තෙල් සාත්තුවකින්ද කිසිදු ඵලක් නොවූ නිසාවෙනි.
හාමිනා.....හාමිනා....
ඇඩ්ලින් නැන්දේ....
කියමින් මා කතාවට වැටුණේ අම්මා මෙන්ම වලව්වේ වැඩට යන තවත් අපි වැනි ම අයෙකු සමඟ ය.
කෝ....තාම ගුණයක් නැද්ද කුසුමේ.....
නෑ නැන්දේ..මොනවා කරන්නද....මං ගොහිං තමා නැගිට්ටවගත්තේ....
අන්න වලව්වෙ හාමු කිවුවා අම්මට බැරිනම් උබට එහෙ වැඩට එන්න කියන්න කියලා....උබලෑ අම්මා නොවැ උයන ගේ වැඩත් කරේ...ඒකෙන් වෙන්ඩෑ....උබට හරි එන්න කිව්වේ....
කියමින් ඇඩ්ලින් නැන්දා අම්මාට ද කතා කොට කහට උගුරක්වත් නොබී යන්නට සැරසිණ.
ඕනේ නෑ දුවේ.....උබට මාත් ඇවිත් කරදර කොරලා හරියනවායැ.....
මං ගොහින් එන්නම් කෙල්ලේ..එහෙනම් හෙට යන්ට ලෑස්ති වෙයන්.....
හොදමයි නැන්දේ...මං එන්නම්.....නැත්තං අරුන් දෙන්නට කන්නත් නෑනේ.....
කියමින් ඇඩ්ලින් නැන්දා යන මඟ මා බලා සිටියේ අරමුණක් නොමැතිවය.
කුසුමේ උබට පුලුවනෑ ඔය ගෑනු එක්ක හරි හරියට වැඩ කරන්න....අනේ....මයෙ කෙල්ලට ඔක්කොම කරට වැටුණනේ....හිටින්කෝ මං සනීප වෙනකල්.උබට ඕවගෙ වැඩ කරන්ට උවමනා නෑ....
අම්මා තාමත් හඩ නඟන්නේ හිතේ හයියට බව බැලූ බැල්මට ඕනෑ අයෙකුට කිව හැකිය.
කුසුමේ.....යමන් විගහින්....
එනවා නැන්දේ.....අම්මේ එහෙනම් මං ගොහින් එන්නම්....අද උදේම ඔන්න බතකුයි පොල් සම්බෝලෙකුයි හැදුවා.හවස් වෙලානෙ එන්න වෙන්නේ....
තුනුරුවන්ගෙ පිහිටයි....අප්පච්චිටත් කියලා පලයං....
අම්මා එලිපත්තටවිත් මා යන මඟ බලන්නට ආවේ කෙඳිරිගාමිනි.
හාමු මහත්තයා....මේ කුසුමේ....
කියමින් මා හදුන්වා දුන්නාට මං ඇඩ්ලින් නැන්දාට හිතෙන් පිං දෙන්නට වූයේ හාමු මහත්තයාගේ තේජස ඉදිරියේ මං කුසුමේ බව කියාගන්නට තරමේ ශක්තියක් නූපදින නිසාවෙනි.
හරි එහෙනම් උබ පලයං වත්තේ වැඩනෙ උබ....කුසුමේ පලයං කුස්සියේ වැඩට.තව එතන මැගියත් වැඩට ඉන්නවා....
යනුවෙන් මා දෙස බලා කී වදන් අසා සිටියේ බිමට හැකි තරම් ඔළුව ඔබාගෙනය.
දින කීපයක් යන විට මා කුස්සියට පමණක් සීමා නොවීය.වලව්ව පිරිසිදු කිරීමට මා හට පැවරුණි.මෙතරම් සුවිසල් වලව්වකට වී තනිව කුමකට කල් ගෙවනවා දැයි මට සිතුන වාර අනන්තය.
හාමු මහත්තයාගෙ ඔක්කොම පවුලේ උදවිය පිටරටකලු ඉන්නවා කියන්නේ.....මෙහෙන් වියදම් යවනවා ඇති.....
දවසක් මැගි නැන්දා මාත් සමඟ දොඩන්නට විය.
කුසුමේ......
ඉතා සිහින් ස්වරයෙන් මට හාමු මහත්තයා කතා කලේ එදිනය.
හා..මු මහත්තයා.....
මා ඉතා පහත් ස්වරයෙන් එසේ කීවේ නොකියා බැරිකමටය.
බලපන් උබේ ලස්සන....මං උබව කලින් දැකලා තිබ්බේ නෑනේ....
දැලි කුණු ගාගන්න ආයෙ කුස්සියේ වැඩට යන්න ඕනි නෑ..අර කාමර දෙකත් අස් කරලා දාපං...
හොදමයි මහත්තයා.....
කියනවා නෑසුනා සේ හාමු මහත්තයා යන්නට හැරුණේ ය.
මා කාමරය අස්පස් කිරීමට යනවාත් සමඟම කාමරයේ දොර වැසූ හඩට මා හැරී බලනවිට හාමු මහත්තයා මගේ කට වසා තද කලේය.
මෙතන කෑ ගහන්න තියාගන්න එපා කෙල්ලේ....මං උබට ආදරෙයි.මගෙ ළඟට වරෙන්.....
මේ වදන් මගේ කන් අස්සේ රැව් දෙන්නට විය.කෑ මොර දුන්නද හාමු මහත්තයාට එරෙහිව කටයුතු කර්න්නෙක් මේ වලව් සෙවනේ සිටීද.
මා දෑස් තදින් පියා ගත්තේ වෙන කල හැක්කක් නිමැති නිසාවෙනි.හොදටෝම හතිලන හාමු මහත්තයා මා දස බලා සතුටින් සිනාසුණි.මා වේදනාවෙන් යුතුව නැගිටින්නට උත්සහ කරන විට එයටද උපකාර කලේය.
හිටහං ඔහොම....මං උබට බොන්න මොකුත් ගෙන්නන්නම්......
උබේ කරුණාව මා දැන් නොදන්නවායැ....
කියන්නට කට නලියන නමුත් මා එසේ කියන්නේ කෙසේද.....
හවස් වරුවේ මේ අකරතැබ්බයට මුහුණ දුන් මා කල්පනා කෙරුවේ අම්මාට මේ බවක් කියන්නේ කෙසේද කියාය.
නුහුලනා දුක් විඳ මා උස් මහත් කර අපව රකින්නට ම කය වෙහෙසූ ඇයට මෙය අසා සිටීමට හැකි වේවිද....
මා එවෙලේ කෑ ගසන්නට තිබුණා ද....එසේ කලානම් මට එයින් මිදෙන්නට ඉඩ ලැබෙන්නට තිබුණාද.....එසේ කළා නම් අම්මාට යලි එහි වැඩ නොලැබෙන්නට තිබුණා නොවේද.....
මා සිත මා සමඟම නඩු අසන්නට විය.නමුත් නඩු අසන්නේ ද...විත්ති සපයන්නේ ද මා පමණි.වරදකරුට සිරගෙයක් මෙලොව නැත.
මා මේ කිසිවක් අම්මාට නොකියා සිටින්නට අවසන තීරණය කරන්නට විය.ඒ මා මෙන්ම අම්මා ද නඩුකාර උන්නාසේ නොවන නිසාය.අපේ දුක අහන නීතියක් මා මෙතෙක් නොදුටු නිසාය.
___සමාප්තයි___ 🙏
********************************************
***දුලී ♥️
Lassanai manika mekath ❤️❤️❤️
ReplyDeleteSuper❤️🧡❤️❣️
ReplyDeletethanks ♥
DeleteLassanai dr
ReplyDelete😘
DeleteLassanai dr
ReplyDeleteLassanai bn..digatama liyanna.
ReplyDeleteThanks mcn 💪
DeleteLassanai digatama liyanda😍😍😍😍
ReplyDeletethanks manika ♥️
DeleteGodak lassanai❤️
ReplyDeletethanks ♥
DeleteGodak lassanai ❤️😍
ReplyDeletethanks ♥😘
DeleteLassanai dulee
ReplyDeletethanks ♥
DeleteLassanaI. ..😍 keep it up
ReplyDeletethank you ♥😘
Deletelassani duli ❤️
ReplyDeletethanks ♥
DeleteSuperb mcn 😍❤️
ReplyDeletethanks mcn 💪
Delete