අප්පච්චිගෙ පැතුම


 

වෙල් යාය රැක ගන්න හාමිනේ

පැල් කොටේ රෑ ගත කරේ

කාටවත් නොකියා මගේ දුක

ඒ කාලේ මම ගත කරේ

හාමිනේ උබෙ තුරුලෙ නිදියන

කෙල්ල ගැනමයි හිත මගේ

ඒකි දවසක ලෝකේ දිනනා

හැටි බලන්නයි වෙහෙසුනේ..... 


ලාම්පුව පෙරලෙන්නෙ නැතුවම

පොත ළඟම එළි දැල් වුණේ

උබත් ඒකිට මහ රෑට තේ 

කහට වක්කර ළං කරේ

උසස් විදිහට සමත් වුණ මගෙ

කෙල්ල සරසවියට ගියේ

මගේ ඇස් වල කදුලු ආවා

උබත් දැක්කනෙ හාමිනේ.....


නිවාඩුවකට ගෙදර එන්නෙත්

ඒකී වෙහෙසිලා හාමතේ

අල බතල තම්බලා දීපන්

තියෙයි නම් ඔය වැට කොනේ

මං කරන්නම් කියයි ඕකිට

බලන් ඉන්නත් බෑ අනේ

ගෙදර වැඩ ටික උබම කරපන්

පව්නෙ බං පොඩි එකී අපේ.....


කරන දේවල් ඒකී කිවුවට

නෑනේ බං මට තේරුණේ

හිනාවීගෙන කතා ඇහුවේ

උජාරුව බලමින් ඇගේ

ඒකී එක්කලා හැඩට පලයං

කලු ලෝගු පොරවන දිනේ

මගේ ලෙඩ ඇඳ ළඟට ඇවිදින්

පෙන්නපන් හැඩ ඒකිගේ.....


***දුලී ♥️ 





Comments

Post a Comment

Popular posts from this blog

කටු පදුරෙ පිපි කුසුම 🌵🌸