මල් කෙල්ලේ

මල් කෙල්ලේ 


වැවේ ගොහින් මල් නෙලා ගොඩවෙනා

සියපත මෙන් රූ සපුව දිලෙන්නා

මේ හැටි කලබල කිම බස් නො අසා

නුබ ලැසි ගමනින් යන්නේ කොහිදා.....


පන්සල අයිනේ පුංචි කඩපොලේ

අපෙන් ගන්න මල් කියා පැවසුවේ

නුබෙන් මලක් අරගන්නට සිතුනේ

බුදුන් මලින් පුද දෙන්නට ම නොවේ.....


මල් ගන්නට එන සැදැහැවතුන්ලා

නෙත නුබ වටයේ කරකනු දුටුවා

බුදු බණ උන් හට අමතක වීලා

නුබෙ අත අල්ලනු හොරැහින් දුටුවා.....


නුබ අසරණ නෙත උන් වෙත පානා

දැක මා හද සෝ හැඟුමන් පිරුණා

හිනැහී හැම  දුක් දරා ඉවසනා

දුගී ලඳකි නුබ කුමක් කරන්නා.....


         ***දුලී ♥️ 

 

Comments

Post a Comment

Popular posts from this blog

කටු පදුරෙ පිපි කුසුම 🌵🌸