මගේ දුව
පාන්දර නැගිටලා නෑ මිදුල අතුගාලා
හීනියට එලි වැටුණු වෙලාවට ඇහැරලා
කාගෙවත් වැඩ කලේ නෑ ඒකී කැපවෙලා
ඒත් කිසි දිනක නෑ දොසක් මට ගෙනල්ලා....
මං නැතුව තනි වෙච්ච වෙලාවට දුක දරා
ඒකි කාටත් වඩා කැපවෙලා වැඩ කලා
ගෙදර කාටත් වඩා සෙනෙහෙ මට පෙන්වලා
උන්නු කෙල්ලයි මගේ යන්නෙ නුබෙ පුතු පතා....
අක්කලගෙ අයියාගෙ ජීවිත ම දැකලා
එවුන්ටත් වඩා ඇත හිත හයිය පිරිලා
ටිකක් සද්දෙට ඇහෙයි කට වැඩියි කියලා
මාත් කියලා තියෙයි ඒත් හිත නිවිලා.....
දුකක් දෙන්නට එපා ඒකි දුක් වින්දා
ඇහැක් හැටියට ඒකී කාටත් බලන්නා
උබේ පුතුටත් අම්මා වගේ දුක බලනා
මගේ කෙල්ලට අම්ම වෙයන් ළඟ රැදෙනා.....
***දුලී ♥️
Lassanai ❤️
ReplyDelete😍❤
ReplyDelete❤️
ReplyDelete