උපන් පුතු ගැන
මවා කප්පරක් හීන 
කුඩා කල සිට ම
දිනන්නට ලොව
අකුරු කර එනතුරු
ගුරු ගෙදර දොර
ළඟම රැක හිඳ.....
පුංචි පුංචි හීන
මවා එකින් එක
ඒ හීන හැම
පුතු දිනනු දැක
කාටවත් නැති
සතුට ඇය විඳ.....
අදත් කියවයි
ආඩම්බරකාර,
පුතුගෙ අභිමන.....
ඇසට ගැටෙනා
මානයට පුතු
නොයෙන දුක සිත
හැඬවුවත් ඇය.....


       ***දුලී ♥️ 

Comments

Post a Comment

Popular posts from this blog

කටු පදුරෙ පිපි කුසුම 🌵🌸