නොදුටු දුක

 *********************     

නොදුටු දුක 

*********************


                   ජීවිතේ මෙතනට ගෙනත් අතෑරලා ගියේ මඟහැරුණු ඇමතුමක්......

        දවසක් දෙකක් නෑ දවස් ගානක්.එකම නම්බර් එකෙන් මේ තරම් කෝල් එද්දී මට හිතුනා මේ මං අඳුරන කෙනෙක් කියලා.කෝකටත් ගත්තේ හිතේ සැකෙන්.

                හෙලෝ....කවුද මේ....

කොල්ලෙක් මගෙන් එහෙම ඇහුවා.

                මං කව්ද නෙමෙයි ඔයා කව්ද කියන්න.මට දවස් ගානක් කෝල් ඇවිත් තිබ්බා මේ නම්බර් එකෙන්....

                      අනේ මං මේ දවස් ගානක ඉදලා මගේ නෑදෑ කෙනෙක්ට කෝල් ගන්නවා.එයාව මං දන්නෙ නෑ ඒත්.නම්බර් එක හොයගත්ත එකක්....සොරි මං එයා කියලා ඔයාට තමා ගන්න ඇත්තේ....

                ඔය ටික තමා මුලින්ම මාත් එක්ක එයා කතා කලේ.....

         ඉතින් නංගී කොහොමද ඔයා මේ තරම් දුරක් ආවේ....කෝල් එකකින්....

          මගේ ගත සිප ගන්න රාත්‍රියක් ම දාගත්ත අයියා කෙනෙක් මගෙන් එහෙම ඇහුවා.

           මං මෙහෙම ආව පළවෙනි වතාව නංගී.....මට ඕනි වුනේ ඔයා එක්ක එකට ඉන්න නෙමෙයි.මගෙ හිතේ දුක නැති වෙනකල් කවුරුහරි ළඟට වෙලා හිත සැහැල්ලු කරගන්න......


           කාගෙවත් හිතක් සැහැල්ලු කරන්න තරම් මට සැහැල්ලු හිතක් තියෙයිද....ඒක තේරුම් කරන්න අද රෑ මදි.හෙටත් ඕනි වෙයි.....

           මං මට ම කියාගත්තා.මොනවා වුනත් මං තරම් ජීවිතේ දුකක් විපතක් තාම ඔහුට සිදු වී නෑ.මං මගේ දුක ගැන තක්සේරු කලා.ඒ ඔහුගේ කතාවේ අවසානයෙන් පසුවයි.ඔහු අවංකව පෙම් කල පෙම්වතිය වෙනත් අයෙකු සමඟ විවාහ වී ඇත.ඒ තනි වූ වේදනාවෙන් මිරිකී ටිකක් නිදන්නට මා වෙතට පැමිණ ඇත.ප්‍රසන්න පෙනුමෙන් යුතු මේ අයියාගේ වේදනාවේ කතන්දර අසා සිටිනා අතරේ මට ඔහු ගැන අනුකම්පාවක් ඇති විය.මිනිසුන් එකිනෙකට වෙනස්‍ ය.ඒ වෙනස මා අත් වින්දේ මෙතනින් ම ය.

         නංගි කියන්නකෝ ඔයා ගැනත්......මේ වගේ තැනක් ඔයා තෝරගත්තේ ඇයි....ඔයා ලස්සනයි.ඒ ලස්සන අස්සෙම මට උගත්කමකුත් පේනවා...

         පේන කියන්නත් පුළුවන්ද.....

මං සිනාසුණි.ඒ අපගේ රාජකාරියේ හැඬුම්වලට ඉඩක් නැති නිසාවෙනි.මං හිනාවෙන දිහා ටිකක් වෙලා බලපු මේ නන්නාඳුන්නා මට කිවුව කතාවට මගේ ඒ ව්‍යාජ හිනාව හැංගිලා ම ගියා.

           බොරු මවාගෙන හිනාවෙන්න එපා නංගී.මට ඒ වෙනස පේනවා.....

             මේ ටිකට මගෙ බොරුව ඇත්ත හොයන්න පුළුවන් වුණේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ.

           මං මෙහෙ ආවේ බොරුකාරයෙක් හන්දා තමා අයියේ......

          මගේ කතාව අහන්න ඇදේ නිදහසේ වැතිරුණු ඔහු ඉදිරියේ මා මගේ ජීවිතය ගිල ගත් ඒ අසත්පුරුෂයා ගැන කීමට පටන් ගත්තේ මෙසේ මට කරුණාව පෑ එකම ගනුදෙනුකරු මොහු වූ නිසාවෙනි.

         මා දැන් මිලයට විකිනෙන ගෑනියෙකි.ඇත්තට ම ගෑනුකම දුකක්.වේදනාවක්.මං කවදාවත් නොහිතපු ජීවිතයක් මට ලැබුනේ ගෑනු හිතක තියෙන බොලඳ ගතිය නිසා.එහෙම කිව්වට මං වැරදි නෑ.

          මඟහැරුණු ඇමතුම දුර ගියා අයියේ.මං ඒ ඇමතුම ආයෙ ආයෙත් එනකල් බලාගෙන හිටියා.අයියාට වගේ ම ලස්සන ආදරයක් මටත් තිබ්බා....

            ඉතින්....කෝ දැන් එයා....මොකද්ද වුනේ එයාට....

         එයාට මගෙනුත් සල්ලි යනවා....මගේ ජීවිතේ දිය කරලා එයා ජීවිතේ හොයනවා.....

        ඔයා කියන්නේ මොකද්ද නංගී....ඔයා එයා එක්ක එකතු වෙලා මේ දේවල් කරනවද.....

        නෑ අයියේ...මං එයාව මෙහෙ ආවට පස්සේ දැක්කෙ ම නෑ....

        මං ගොඩක් ආදරේ කළා.මං මෙහෙ ගාමට් එකකට ආවේ.බෝර්ඩිං වෙලා හිටියේ.මං උසස් පෙළත් කළා.....ඒත් පාස් වුනේ නෑ...නංගි කෙනෙක් ඉන්නවා මට.ඒත් මං දැන් තනි වුණු ගෑනියෙක්.....

          මගේ ඇස් කාමරය පුරාවට කරකවා බැලුවේ කදුලු නැවතත් ඇස් තුළට ගිල්වාගන්නටය.කිසිත් නොකියා උරහිසට අත තැබූ ඔහුගේ සිතේ මේ වන විට රාගයක් ගෑවීවත් නැති ය.සහෝදරයෙකු මෙන් ඔහු මාව කතාවට දිරිමත් කලේය.

        මං ගාමට් එකේ ඉන්න කාලේ තමා මට එයාව හම්බ වුනේ.අපි මුණගැහුනා....ආදරේ කලා.....මාස හතක් අටක් යද්දිම අපේ සම්බන්ධෙ දුරදිග ගියා.ඒ මගේ බොළඳකම වෙන්නත් පුලුවන්....මට අසීමාන්තික නිදහසක් තිබ්බා.ඒ නිදහස එක්ක මං එයාට අසීමන්තිකව ආදරේ කලා....එයත් ඒ කාලේ මට ගොඩක් ආදරේ පෙන්නුවා.ඒ ආදරේ එක්ක මං මේ මුලු හතරට ආවා අයියේ.....

          හ්ම්.....මට හිතාගන්න පුලුවන්.....

          නෑ අයියේ....ඔයාට හිතාගන්නවත් බෑ.....මං අවේ ආදරේ විඳින්න.....තව ගොඩක් ළඟින් ඉන්න...ඒ මං හිතින් වින්ද ආදරේ ගිතින් ළං වෙලා විඳින්න......හ්හ්හ්හ්.....මං ඒ ආදරේ ළං වෙලා වින්දේ ටික වෙලාවයි අයියේ .....මතක් වෙනකොටත් මට අප්පිරියයි.....එයා කෑම එකක් අරං එන්න ගියා.....එයා එක්ක මාව කන්න තව තුන් දෙනෙක් ආවා.මං වේදනාවෙන් කෑ ගහද්දීත් මගේ ලැජ්ජාව නැති කරලා උන් ගියා.....

             අනේ නංගී...මට සමාවෙන්න....මාත් මහ පව්කාරයෙක්....

            මං එදා ඉදලා මේ ජීවිතේට ආවා අයියේ.....

           පව් කරන මිනිස්සු තමන්ගෙ ගෑනිට කුඩෙත් අල්ලගෙන පිං පාටට යනවා මං දැකලා තියෙයි අයියේ.....එහෙව් මිනිස්සු අතරේ මාත් එක්ක කතා කරන්න ඔයාට හිතක් තිබ්බේ ඔයාගෙ තියෙන මොකක්හරි ගුණයක් හින්දනේ......

           අපි නිදාගමු....ඔයා ආවේ මගේ දුක අහන්න නෙමෙයිනේ......

            මගේ වේදනාව මැඩ ගන්නට අත උඩින් ඔහුගේ දෙයත් තබා ඔහු කලේ උපකාරයකි.එයින් මගේ පපුව  සීතල වී ගියා.

           ඉන්න....මට පුලුවන් ඔයාට ජොබ් එකක් දෙන්න.එහෙම වුනොත් ඔයා එනවද.....

          කොහොම එන්නද.....මට හැංගෙන්න බෑ.මට ගැලවුමක් නෑ......

         ඔහුගේ නෙත් දෙසට මා ඉබේටම හෙලූ අසරණ බැල්ම ඔහුව ද අසරණ කල බව මට දැනුණා.

           මේ සමාජෙ මට තැනක් නෑ අයියේ.....දැන් උරුම මෙච්චරයි......මං එක එක සිතුම් පැතුම් තියෙන මිනිස්සු එක්ක කරන ගනුදෙනුවක් මේක....ඕන තරම් වේදනාකාරී අත්දැකීම් එක්ක මං ජීවත් වෙලා තියෙයි....උදේ හවස මුලු රෑ පුරාවටම ලොකු ලොකු ගණන්වලට පොඩි මුදලට මං මහන්සි වුණා.....ඒ දාඩිය බින්දු උරාබීපු එවුන් මහත්තුරු වගේ ඇදගෙන පාරෙ යන්නේ......

             මං කී වදන් ඔහු අසා සිටියේ අනුකම්පාව මුසු දෑසිනි.

         මං හැමදාම ඔයා බලන්න මෙහෙ එන්නද නංගී.....

            ඔයාගෙ කැමැත්තක් අයියේ....මට ඒක නතර කරන්න තාම බෑ.....ලැබෙන කෙනෙක් සනසනවා හැරෙන්න. 

             එහෙම කියන්න එපා නංගී.අපි යාලුවො වෙමු.....

          මට තව කවුරුන් හෝ නිසා වැටෙන්නට තැනක් ඉතිරි වී නැත.ඒ මිතුදම හෝ රැකගන්නට මට සිතුණි.මා බැලීමට ඔහු සවස් යාමයේ පැමිණෙන්නට විය.අප අතර කිසිදු ලිංගික එක් වීමක් සිදු නොවීය.සැමදා මා දෙස නැගණියක දෙස මෙන් බැලූ මේ උතුම් මිනිසා මට අයියා කෙනෙක්ම විය.ඇතැම් දිනවල ඔහු මුලු රාත්‍රිය සදහා ම මුදල් ගෙවා මා රැකගත් අවස්ථා ද විය.ඒ සෑම දිනකම මා මහ හයියෙන් සිනාසෙන්නට වූයේ සැබැවින් ම කුඩා දැරියක මෙනි.සියල්ල අහිමි වූ ජීවිතයක් පවා නැවත ගොඩනැගීමට ද තවත් විනාශ කළ හැක්කේද මිනිසාටම පමණක් බව නන්නාඳුනන ගනුදෙනුකරු තුලින් මට පසක් විය.

            දිනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පල වූ වචන මාලාවක් තුලින් මා නෙත් යලිත් තෙත් විය.


සමාජය හරි හැටි

නොතේරුණු දවසක 

රැවටුණු 

අසත්පුරුෂයෙකු ගිලගත් 

ඒ සොදුරු ජීවිතය 

මුලු හතරකට වට වුණු

යහනක් මත ම 

වෙහෙසුණු

රතියෙන් ම දිවි ගෙවන 

මහතුන්ව සනසවපු

කාගෙ හෝ වරදකින් ඒ 

අපායට වැටුණු

ඇයත් ගැහැනියකි,

සමාජෙන් කොන් වුණු.....


                           ***දුලී ♥️ 

          

     

Comments

  1. Godaak lassanai paba eka.digatama liyanna ❤️

    ReplyDelete
  2. Harima ආදර්ශයක් me kathawen denne.me wage dewal ona tharam wenawa athi ganiyage අසරණ kama mada.harima lassanai patiyo ❤️❤️❤️❤️👌

    ReplyDelete
  3. Ada samaje yatharthaya tmai me...lssnai dulee❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කටු පදුරෙ පිපි කුසුම 🌵🌸