Posts

Showing posts from November, 2020

ඇය මාතාව

Image
 **************************************                          ඇය මාතාව **************************************                                මගෙ මැණික.....නැගිටින්න පුතේ.....අම්මිට පරක්කු වෙනවනේ....ඔහොම හිටියොත් ඔයාටත් අද ස්කූල් යන්න වෙන්නේ නෑ.....                  මං පුංචි කාලේ ඉදලා ම ඉස්කෝලේ ගියෙ ස්කූල් වෑන් එකේ.වෙලාවට සල්ලි දෙන්න බැරි වුනත් අංකල් මොකුත්ම අම්මට කිවුවේ නෑ.ඒ මගේ අම්මාට තියෙන ලස්සන පෙනුම නිසාද නැත්තම් තාත්තා කියලා කෙනෙක් මං දැකලා නැති  තරම් අපිට තිබ්බ අසරණකම නිසාද කියන්න එදා මම දැනගෙන හිටියේ නෑ.                  ඕකිගේ අම්මා හොද එකියක් නෙමෙයි.....          මං පාරෙ යනකොට කතා වෙච්ච වචන ඇහෙන්න ගත්තට පස්සේ මට හිතුනා අම්මගෙ රූපෙ නිසා අපිට ගොඩක් දේවල් ලැබුණා කියලා.             ...

මල් කෙල්ලේ

Image
මල් කෙල්ලේ  වැවේ ගොහින් මල් නෙලා ගොඩවෙනා සියපත මෙන් රූ සපුව දිලෙන්නා මේ හැටි කලබල කිම බස් නො අසා නුබ ලැසි ගමනින් යන්නේ කොහිදා..... පන්සල අයිනේ පුංචි කඩපොලේ අපෙන් ගන්න මල් කියා පැවසුවේ නුබෙන් මලක් අරගන්නට සිතුනේ බුදුන් මලින් පුද දෙන්නට ම නොවේ..... මල් ගන්නට එන සැදැහැවතුන්ලා නෙත නුබ වටයේ කරකනු දුටුවා බුදු බණ උන් හට අමතක වීලා නුබෙ අත අල්ලනු හොරැහින් දුටුවා..... නුබ අසරණ නෙත උන් වෙත පානා දැක මා හද සෝ හැඟුමන් පිරුණා හිනැහී හැම  දුක් දරා ඉවසනා දුගී ලඳකි නුබ කුමක් කරන්නා.....          ***දුලී ♥️   
Image
උපන් පුතු ගැන මවා කප්පරක් හීන  කුඩා කල සිට ම දිනන්නට ලොව අකුරු කර එනතුරු ගුරු ගෙදර දොර ළඟම රැක හිඳ..... පුංචි පුංචි හීන මවා එකින් එක ඒ හීන හැම පුතු දිනනු දැක කාටවත් නැති සතුට ඇය විඳ..... අදත් කියවයි ආඩම්බරකාර, පුතුගෙ අභිමන..... ඇසට ගැටෙනා මානයට පුතු නොයෙන දුක සිත හැඬවුවත් ඇය.....        ***දුලී ♥️ 

නොදුටු දුක

 *********************      නොදුටු දුක  *********************                    ජීවිතේ මෙතනට ගෙනත් අතෑරලා ගියේ මඟහැරුණු ඇමතුමක්......         දවසක් දෙකක් නෑ දවස් ගානක්.එකම නම්බර් එකෙන් මේ තරම් කෝල් එද්දී මට හිතුනා මේ මං අඳුරන කෙනෙක් කියලා.කෝකටත් ගත්තේ හිතේ සැකෙන්.                 හෙලෝ....කවුද මේ.... කොල්ලෙක් මගෙන් එහෙම ඇහුවා.                 මං කව්ද නෙමෙයි ඔයා කව්ද කියන්න.මට දවස් ගානක් කෝල් ඇවිත් තිබ්බා මේ නම්බර් එකෙන්....                       අනේ මං මේ දවස් ගානක ඉදලා මගේ නෑදෑ කෙනෙක්ට කෝල් ගන්නවා.එයාව මං දන්නෙ නෑ ඒත්.නම්බර් එක හොයගත්ත එකක්....සොරි මං එයා කියලා ඔයාට තමා ගන්න ඇත්තේ....                 ඔය ටික තමා මුලින්ම මාත් එක්ක එයා කතා කලේ.....          ඉතින් නංගී කොහොමද ඔයා මේ තරම් දුරක් ආවේ......

හිතුවක්කාරී

Image

මගේ දුව

Image
පාන්දර නැගිටලා නෑ මිදුල අතුගාලා හීනියට එලි වැටුණු වෙලාවට ඇහැරලා කාගෙවත් වැඩ කලේ නෑ ඒකී කැපවෙලා ඒත් කිසි දිනක නෑ දොසක් මට ගෙනල්ලා.... මං නැතුව තනි වෙච්ච වෙලාවට දුක දරා ඒකි කාටත් වඩා කැපවෙලා වැඩ කලා ගෙදර කාටත් වඩා සෙනෙහෙ මට පෙන්වලා උන්නු කෙල්ලයි මගේ යන්නෙ නුබෙ පුතු පතා.... අක්කලගෙ අයියාගෙ ජීවිත ම දැකලා  එවුන්ටත් වඩා ඇත හිත හයිය පිරිලා ටිකක් සද්දෙට ඇහෙයි කට වැඩියි කියලා මාත් කියලා තියෙයි ඒත් හිත නිවිලා..... දුකක් දෙන්නට එපා ඒකි දුක් වින්දා ඇහැක් හැටියට ඒකී කාටත් බලන්නා උබේ පුතුටත් අම්මා වගේ දුක බලනා මගේ කෙල්ලට අම්ම වෙයන් ළඟ රැදෙනා..... ***දුලී ♥️ 

රණවිරු බිරිඳක්

Image