අවනඩුව
************************************* අවනඩුව ************************************* උදේ පාන්දර ම වලව්ට යන අම්මා හැන්දෑවේ හය හත වෙනකල් අපේ මේ පැල් කොටේට ගොඩවෙන්නේ නෑ.උන්දැගෙ කර පිටට පැටවිලා තියෙන්නේ දරුවන් තුන්දෙනෙකුගේ බරය.එය සිතනා තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ.අපි තුන් දෙනාට උගන්වන්න අම්මා නොයෙක් දුක් ගැහැට විඳිමින් සිටිනයුරු මා හට බලා සිටීමට නොහැකි තැන මා පාසල් යාම අතැර දමන්නට තීරණය කළා.හවසට කෙඳිරිගාමින් නිදාගන්න තරම් වෙහෙසෙන්නට ඇයට සිදු වූයේ අප්පච්චි පොල් ගසෙන් වැටී ඔත්පල වීමෙන් අනතුරුවය.අම්මා එතෙක් කලේ පොල් ලෙලි තැලීමය.එහි වැඩ කිරීමෙන් ලද සොච්චම අප්පච්චී ඔත්පල වීමත් සමඟ ප්‍රමාණවත් නොවීම නිසා වලව්වේ හාමුගේ කැමැත්ත පරිදි අම්මා එහි වැඩට ගොස් දැන් මාස කීපයක් ගතවිය. අනේ කෙල්ලේ ඔන්න ඔය කහට ඩිංගක් වක්කරාපන්කෝ..... හැමදා හවස් වරුවේ ගෙට ගොඩවෙමින් අම්මා කීවේ ඒ ටිකය. ...