Posts

Showing posts from July, 2020

කටු පදුරෙ පිපි කුසුම 🌵🌸

      කටු පදුරෙ පිපි කුසුම ♥️ *************************** ***************** *********                   එදා කුරුල්ලන් කිචි බිචි ගා අවටින් හිරු එළිය විහිදෙන අපූරුව මා විඳි උදෑසනක් නම් නොවේ.ඒ වෙසක් පොහෝ දිනට පසුවදා උදෑසනක් බව මා සිත රැදී ඇත්තේ පොහෝ දා රාත්‍රියේ පැවති පෙරහරක පාසල් නර්තන කණ්ඩායමේ වූ මම ද ඇතුළුව කලගෙඩි න‍ර්තනයේ යෙදී විඩා නිවන්නට දහවල් වනතුරු මා නිදාගත් දිනයක් බැවිනි.                "සුදූ,නැගිටපන්...." ඒ අම්මාගේ හඩයි.මට උඩ විසි වී ඇහැරිණ.               "රුවිනි වහ බීලලු..." ඉන් පසුව අම්මා කී වදන් සමඟම මා ඇදේ ඉදගත්තා.              "දෙයියනේ මොකුත් වෙලා නෑ නේද?" මං ඉන් පසුව ඇසූ පැනයට ඇය මඳක් සිහින් ස්වරයෙන්,            "ඒ කෙල්ල නැති වෙලා පුතේ...."                කී විගසම මා සිතට වේදනාව මුසු වූ කෝපයක් හට ගැණිනි.මෙය සිදුව ඇත්තේ මගෙ වයසේම මාත් සමඟ...

දුලීගේ කතාව ♥️

දුලීගේ කතාව.... ******************************************* ****************************** *******************                 මට ඇමතුමක්, ඒ වෙන කවුරුත් නෙමෙයි.මගෙ පොඩි චයිනීස් ෆෝන් එකට එයාගෙන් විතරයි ඇමතුම් එන්නෙ.           හෙලෝ....මං කිවුවා විතරයි.එතකොටම එයා කියන්න ගත්ත වචන ටික මං බලාපොරොත්තු වුනේ නෑ කවදාවත්.            "මගෙ නංගියෝ ඔයාට කැම්පස් යන්න පුලුවන්.ඔයා දිස්ත්‍රික්කයේ පනස් පස් වෙනියා.මට හරිම සතුටුයි."                    මට කිසිවක් කියාගත නොහැකි වුණා.ඇස්වලින් කදුලු කැට වැටෙන්න පටන් ගත්තා.ඒ වෙලාවෙ ඒ තරම් කදුලු ආවෙ සතුටටද නැත්නම් මං ඒ වනතුරු ගත කරපු කාලය ගැන මට ඇති වුණු වේදනාව දරාගන්න බැරිකම නිසාවෙන්ද කියන්න මං අදටත් දන්නෙ නෑ.ඒ පණිවිඩය මට දැනුම් දුන් ඔහු අද වන විට මා අමතක කර දමා ඇති පෙම්වතෙකි.මා බොළඳ ප්‍රේමයන් සමඟ කල් ගෙවන්නට ඇත්තේ ජීවිතයේ නෙකවිද වූ දුක් ගැහැට බෙදා ගැනීමට මා හට කිසිවෙකු අවැසි වූ නිසාවෙන් බව මා අදටත් තදින්ම විස්ව...